අපගේ දැක්ම

"අමෝද සේවයෙන් අමන්දානන්දයට"

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුතු කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

පන්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුල් වකවානුවල දී පාතදුම්බර ජන්දබල ප්‍රදේශය තුළ අන්තර්ගතව පැවති අතර එය තනි ආදායම් බලපත්‍ර ප්‍රදේශයක් ලෙස සළකන ලදි. 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනත ක්‍රියාත්මක වීමත් සමග එය පාතදුම්බරින් වෙන්ව තනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන ලදි. ආරම්භයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පන්විල නගර මධ්‍යයේ පිහිටි කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය අතර මෙම කාර්යාලය වර්තමාන කාර්යාල ගොඩනැගිල්ලට පසුකාලීනව රැගෙන යන ලදී.   

කොට්ඨාශයේ මායිම්

උතුර               -           මාතලේ දිස්ත්රික්කය
දකුණු              -           මැදදුම්බර සහ කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
නැගෙනහිර      -           උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
බටහිර             -           පාතදුමබර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
 
ඉහත මායිම් තුළ පන්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මහනුවර දිස්ත්රික්කයේ උතුරු කෙළවරේ පිහිටා ඇත.

දළ විශ්ලේෂණය

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ කොට්ඨාශයේ පිහිටා ඇත. මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරි වසම් 14කින් සමන්විත වන අතර වර්ග කිලෝමීටර් 96.8 ක වපසරියකින් යුක්ත වේ. මනස්කාන්ත පරිසර පද්ධතියක් වන නකල්ස් කඳුවැටිය මෙම කොට්ඨාශයට මායිම් ව ඇත. අරත්තන රජමහා විහාරය  ප්‍රදේශයේ ඉපැරණි ඉතිහාසය නිහඬව කියාපායි. මනරම් දසුන් මවන වික්ටෝරියා ජලාශයේ ජල මූලාශ්‍රය හුළුගඟයි. මෙම කොට්ඨාසයේ මහජනතාවගෙන් 90%කගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ තේ කර්මාන්තයයි.

 

1978 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම  
සිට
දක්වා   
කේ.ඩබ්.ඊ.කරලියද්ද මහතා
1978
1983
ජේ.පෙතියගොඩ මහතා
1983 1985
ටි.බී.හේරත් මහතා 1985 1990
ආර්.කේ.ජී.ගුණවර්ධන මහතා 1991 2000
එස්.වීරභාගු මහතා 2000 2002
ඩබ්.එම්.කේ.කේ.කරුණාරත්න මහත්මිය 2002 2007
ඩී.ඩී.අනුර ධර්මදාස මහතා 2007 2009
ආර්.කේ.ජි.ඩී.කේ.විජේසිංහ මහත්මිය 2009 2012
එච්.පී.ඩී.එම්.සරත්චන්ද්‍ර මහත්මිය 2012 2012
ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ මහතා 2012 2016
ජේ.පී.යූ.කේ.ජයරත්න මහතා 2016 2018
එන්.එස්.සේනාධීර මහතා 2018  
     

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

28
අගෝ2017
e-Library Service - Divisional Secretariat Panwila

e-Library Service - Divisional Secretariat Panwila

දැනුම සොයන ගවේශකයන්⁣ගේ තෝතැන්න....... "පන්විල ඊ- පුස්තකාලය...

Scroll To Top